මේ දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබෙන වෙළෙඳ ප්රටචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම පණිවිඩයම ය. අනෙක් වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව කෙරෙන ප්රදචාරණ ප්රඩයත්නයක් වන අතර වැදගත් කාරණය නම් මෙම දැන්වීම් දෙකෙහිම එකම නිර්ණායකයක් පරස්පර විරෝධී පැතිකඩ දෙකක් ඔස්සේ සිය ප්රතචාරණ සංකල්පය ලෙස යොදාගැනීමයි. එතුල ගැබ්වී ඇත්තේ ලාංකිකයාගේ ආචාරධර්ම පිළිබඳ කතාවකි.
පෙර සඳහන් කළ පරිදි, පළමු දැන්වීමේ පණිවිඩය ගෙන එන තිර කතාව මෙසේය .......................
‘මිත්තණියක සහ මුණුබුරකු අතර වන සංවාදයකි. වර්තමානය තුළ අනාගත ශ්රීග ලාංකික පරම්පරාව නියොජනයක් වන මුණුපුරා වැදගත් ගැටලුවකට පිළිතුරු සොයයි. එ නම් කුඹුරේ අස්වනු නෙලන සිය වැඩිහිටියන් එහිදී අස්වැන්නෙන් කොටසක් ඉතිරි කර තබන්නේ ඇයි ද? යන ගැටලුවයි. එයට අත්තම්මා දෙන පිළිතුර සරලය. නමුත් අර්ථය ගැඹුරුය. පිළිතුර නම්, ඉතිරි කොටස සතා සීපාවන්ට යන්නය.‘
මෙම තිර කතාව හුදු වෙළෙඳ දැන්වීමක් පමණක් අරඹයා ගොඩ නගා ගත් මනංකල්පිතයක් නොවේ. සැබවින්ම ශ්රීම ලාංකික ජන සමාජය තුළ ගැබ්වී ඇති ආදර්ශමත් ගුණාංගයකි. මිත්තණිය විසින් සිය පාරම්පරික ලාංකීය ජන විඤාණයේ වූ මෙම අවිහංසා වාදී ගුණය මතු පරපුරට දායාද කරන විස්තරයකි.
විශේෂයෙන් බෞද්ධ දර්ෂණයෙන් පෝෂණය වූ ලාංකීය කෘෂිකාර්මික ජන සමාජය තුළ සතා සීපාවාට පවා මෛත්රි්ය කිරීමේ අවිහිංසාවාදී ගුණය ප්‍ර කට වන අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද සඳහන් කල හැකිය. අස්වැන්න නෙලීමේදී පමණක් නොව, කුඹුරේම වෙනම ලියද්දක පීදෙන අස්වැන්න කුරුල්ලන් වෙනුවෙන් වෙන් කිරීමට පවා කටයුතු කළ ජන සමාජයක් අප සතුව ඇත. පළතුරු ගස් වල පවා සතුන්ටම වෙන් වූ කොටසක් ඇති කරන ලද්දේද අපගේ උසස් ජන සමාජය විසිනි. එ නයින්, අදාල වෙළෙඳ දැන්වීමේ අන්තර්ගත පණිවිඩය, ලංකාවෙ මිනිස්සු ලෝකයේ අනිත් අයට වඩා වෙනස් බව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්වා දෙන්නා වූද, එම වෙනස නම් උසස් වූ මානව දායාව සහ සත්ත්ව කරුණාව බව උද්දීපනය කරන්නා වූද අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද අපට හඳුන්වා දිය හැකිය.
ලෝකයේ අන් රටවල, විශේෂයෙන් බටහිර රටවල ගොවියෝ අනිවාර්ය දඩයක්කරුවෝ ද වූහ. ඔවූහු සිය කුඹුරට එන සතා සීපාවා පමණක් නොව, අහසේ නිදහසේ පියාඹා යන පක්ෂීන් ද, කැලැ වැදී එහි වන සතුන් ද දඩයම් කළෝ ය. නමුත් පාරම්පරික සිංහල හෝ දමිළ ගොවියෝ එසේ නො වූහ. ගොවියා ගොවියෙක් විය. තම දරුවන්ට මෙන්ම සතා සිපාවට ද මෛත්රිෝය කළෝ ය. අවිහිංසාවාදී සංකල්පයන් ශ්රී් ලාංකික ජන විඤාණයේ පදනම් වූයේ එලෙසය.
මෙහි අවධානයට ගැනෙන දෙවන වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව ය. එය අස්වනු නෙලීමට යොදා ගන්නකි. එබැවින් එකී දැන්වීම නිර්මාණය වනුයේ එම ක්රිනයාකාරකම මත පදනම් කල්පිතයක් මතය. කෙසේද යත්, අයකු ගිරා පෝතකයකු සේ පෙනී සිටමින් කතා කරයි. ඔහු කියන්නේ අවනඩුවකි. යාය පුරා ඉගිලී ගිය ද, එකඳු හෝ වී ඇටයක් වත් සොයාගත නොහැකි වූ බව ද, ඇටයක් නෑර නෙලාගෙන ගොස් ඇති බව ද කණගාටුවෙන් පවසයි. අවසානයේ එසේ එක ඇටයක් වත් නොතබා අස්වනු නෙලීමට අදාල යන්ත්රබය ලබා ගන්න යන පණිවිඩය කියවේ.
සමස්ථ දැන්වීමම නිර්මාණාත්මක ෆැන්ටසියකි. ඉන් ලබා දෙන පණිවිඩය නම් පෙර කී අවිහිංසාවාදී ආකල්පයන්හි දෙදරා යාමකි. සැබවින්ම මෙහි එන ගිරා පෝතකයාගේ වැළපීම, ශ්‍රී, ලාංකික සබ්යීත්වයේ බිඳ වැටීම අරඹයා නැගෙන්නා වූ සුසුමන් තුළින් නැග එන්නක් බව සිතිය නොහැකි ද? අප විසින් අනාගතයට දායාද කල යුත්තේ උසස් මානුෂීය ගුණාංගයන් ද, නැතිනම් ෆැන්ටසි වාදී හර සුන් සංකල්පයන ද?
ෆැන්ටසිය එන්නේ බටහිරිනි. එලෙස බටහිර ලේබලයෙන් එන සියලු ආටෝපයන් අල්ලා ගැනීම තුළ අපට අන්යෝරන්ය නොවූ සංස්කෘතීන් ඔස්සේ ශ්රීය ලාංකික ජන හරයන් විනාශ කරන ආකාරය අපේ බහුතරයනක් දෙනා නොදකී. වෙළෙඳ පොළ ආර්ථිකයට යටව පවතින ලාංකික ජන සමාජය මූලිකව හසුරුවන්නේ කොළඹ කේන්ද්රඅ කරගත් සළුතරයක් විසිනි. අවාසනාව නම් මේ සුළුතරය ම ලාංකික සබ්යුත්වය අමතක කළ කළු සුද්දන් වීමයි. එලෙසින් පිට රටින් එන ඕනෑම කුණු ගොඩක් රස කර පෙන්විය හැකි අයත් එසේ පෙන්වන දෑ බදා ගැනීමට හුරු කළ ජාතියකත්, පෙර අභිමානයෙන් සඳහන් කළ ආකාරයේ උසස් ගුණාංගයන් කොපමණ කාලයකට ජීවමාන වේවිද යන්න ගැටලුවකි.
මෙවැනි අදහස් කොළඹ සිටින කළු සුද්දන්ට නම් දිරවා ගත නොහැකි වනු ඇත. මේවා ඔවුන්ට නම් ගොඩේ අදහස් ය. නැතිනම් හනමිටි අදහස් ය. අපේ සභ්‍ය.ත්වය ඔවුන් පිළිකෙව් කරන්නේ එ ලෙසිනි.
නමුත් උසස් මානුෂීය ගුණාංගයන් ගොඩේ ගති හෝ හනමිටි අදහස් හෝ වන්නේ කෙසේද ?
මෙම දෙවන දැන්වීමේ වුව ද එන තාක්ෂණය අප ප්‍ර තික්ෂේප කරයි නම් එය වැරදි අදහසකි. නමුත් ගැටළුව එකී තාක්ෂණය සමාජ ගත කිරීමට මවා පානා ෆැන්ටසිය යි. අප ප්රැතික්ෂේප කල යුත්තේ එම ෆැන්ටසි සංස්කෘතිය යි. අදාල යන්ත්රායම භාවිතා කරමින් අපගේ උසස් හුරු පුරුදු සුරැකිය හැකිය. එවැනි පණිවිඩයක් රැගත් දැන්වීමක් ප්‍රරචාරය වුණි නම් කෙතරම් අගනේ ද ?
නමුත් අප සිදු කරන්නේ, අපේ සාරධර්ම අමතක කොට, බටහිර්න් එන විවිධ තාක්ෂණයන් සමඟ ම ඒ ඔස්සේ සමාජයට රිංගන විෂබීජයන් ද වැළඳ ගැනීම නොවේ ද ?
තාක්ෂණය ගමු, අපේ කම සුරකිමු ! දැන් මෙම අදහස හනමිටි අදහසක් යැයි කිව නො හැකිය.
ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස් වන ආකාරයේ උසස් මානුෂීය සාරධර්මයන් ගෙන් පොහොසත් බවත්, එම ගුණාංගයන් හඳුනාගෙන මතු අනාගතයේදී ද රැකගත යුතු බවත්, අප විසින් වර්තමාන සමාජයට දිය යුතු පණිවිඩය යි. එවා සුරැකීම සැමගේ වගකීම යි. අනාගතයට සැබෑ ගෞරවනීය ශ්‍රී ලංකාවක් දායාද වන්නේ එවිට ය.
අදහස සහ සම්පාදනය - සචිත අමන්දු අබේසේකර
2011 ඔක්තෝබර් මස 24 වැනිදා (මුල් පිටපතේ දාතම - 2011.08.12)
ධර්ම දානය
ධර්ම දානය උත්ම්ම දානය වේ......
පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ
“එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධුකිර පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක.........
......... එ කෙනෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ..........”
(උපුටා ගැනීම - පූජාවලිය, දෙවොරොහණ පූජා කථා)
පූජාවලියේ එන මෙම කථා පුවතින් කියවෙන්නේ බුද්ධ චරිතයේ තවත් එක් අසිරිමත් මොහොතකි. කිමෙක් ද යත්, බුදු හිමියන් තව්තිසා දෙව්ලොව වස් වැඩ සිට (සත් වන වස් කාලය) නැවත දඹදිව් තලයට බට අසිරිමත් පුවතයි. තුන් මසක් පුරාවට බුදු හිමියන් නොදුටු ජනයා නැවත බුදු හිමියන් ජේතවන වෙහෙරට වඩින තුරා නො ඉවසිල්ලෙන් බලා සිටින්නට විය. එහිදී මුගලන් මහ තෙරුන් වහන්සේ එම ජනයා හට පවසා සිටින්නේ බුදු හිමියන් එහි නො වඩින බවත්, සැවත් නුවරින් යොදුන් 30 ක් දුරින් වූ සංකස්ස පුරයට වඩින බවත් ය. ඒ අසා සාංකාවට පත් ජනතාව, මුගලන් හිමියන් ගේ සෘධි බලයෙන් අසුරු සැනක දී සැවත් නුවර සිට සංකස්සය ට ගෙන යන ආකාරය පූජාවලියේ දීර්ඝ ලෙස සහ විසිතුරු ලෙස රචනා වී ඇත. ඒ අනුව තම කෙස් වැටිය බඳිමින් ගමන් ඇරඹූ කාන්තාවන් එය බැඳ අවසන් වනවාත් සමගම ගමනාන්තය කරා පැමිණියා ආදී වශයෙන් රූපක ආදිය යොදා ගනිමින් මෙම කථාව රසවත් කිරීමට කතුවරයා විසින් සමත්ව ඇති ආකාරය පෙනී යයි.
උසස් සහිත්යමය ග්‍රන්තයක් සේ සැලකෙන පූජාවලියේ කතුවර බුදධපුත්‍ර හිමියන් විසින් ඉහත කථා පුවත රසවත් කිරීමට යොදාගන්නා ලද සිද්ධීන් හුදෙක් උන්වහන්සේ ගේ නිර්මාණයන් යැයි වර්තමානයේ බොහෝ දෙනා සිතන්නට ඇත. ඔවුන්ට මෙම කථාව හුදෙක් සාහිත්‍යමය නිර්මාණයක් පමණකි. නමුත් බුද්ධානුභාවය පිළිබඳ විචිකිච්චාව හල අයකුට නම් එය එසේ නොවේ.
පූජාවලිය මෙන්ම තත්කාලීන බෞද්ධ ග්රන්ථ සැලකීමේ දී ඒවායේ ශ්‍රව්‍ය ගෝචර බස් වහර ප්‍රකට ලක්ෂණයකි. ධර්මය පරිහානියට පත් නොවී රැකගනු වස් ස්වාමින් වහන්සේලා විසින් කියවන විට සාමාන්‍ය ජනයාට අසා සිටීමේ රුචිය වඩවනු වස් අලංකාර උපමා, රූපක වලින් පොහොසත්ව එවක ධර්ම ග්රන්ථ ලියවිණි. එ නයින් බලන කල මේ කථා පුවත ද එම උප සංස්කෘතිය තුළ සාහිත්‍ය ධරයා විසින් නිර්මාණය කළ හිතළුවක් යැයි කෙනෙකුන් තර්ක කිරීමට ඉඩ ඇත. නමුත් අප විසින් අමතක නොකල යුතු තවත් කරුණක් ඇත. එනම්, මෙම උප සංස්කෘතිය වුව බිහිවන්නේ සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප ආදී මහා සංඝ පරපුරෙන් පැවතෙන, අර්හත් හා මාර්ග ඵල ලාබී ආර්ය භික්ෂු සමූහය පදනම්ව බවයි. එබැවින් එවන් වූ මහා සම්ප්රදායක් තුළ ගොඩනැගෙන කථා ප්රවෘත්ති හි සාහිත්‍යමය ලක්ෂණයන් කැටි කළ පමනින් එම සිදුවීම් තුළ අන්තර්ගත උසස් විඤඤාණමය ගති හෝ අභිඥා ඤාණ ලක්ෂණයන් හුදෙක් සහිත්‍ය කරුවාගේ නිර්මාණයන් ලෙස සරල කල නො හැක.
අද සමාජය විසින් උත්සහ දරන්නේ, කාලය විසින් යටකරනු ලැබූ මෙන්ම ධර්මාවබෝධය ක්‍රමයෙන් ක්ෂය වන යන ධර්මතාවය විසින්ම සඟවාලනු ලබන මෙවැනි අද්බූත-අශ්චරිය සිද්ධීන්, වර්තමාන පදාර්ථවාදී විද්‍යාව තුළින් විග්රහ කිරීමටයි. නමුත් පදාර්ථය මත ගොඩනැගෙන සම්මුති වාදී මෙම නවීන විද්‍යා ක්රමෝපායන් හට, සම්මුතිය පරයා පරමාර්ථ ධර්මතා අවබෝධය ඔස්සේ පමණක් විග්රහ කළ හැකි කාරණා කෙසේ අර්ථකතනය කල හැකිදැ යි සොයාබැලීම වටී (අප එහිදී මතකයේ තබාගත යුතු කරුණකි, අභිඥා ඤාණය ද සම්මුති ලෝක මායාවේම ගුණාංගයක් යන්න). එබැවින් නවීන විද්‍යා සම්ප්රදායන්හි මෙවැනි අද්බූත-අශ්චරිය සිද්ධීන් විස්තර කළ හැක්කේ අංකුරාකාරයෙනි. එනම් ප්‍රායෝගිකව අත්හදාබැලිය නොහැකි න්‍යායාත්මක මොඩලයන් ආකාරයෙනි.
නවීන විද්‍යා සම්මුතීන් සරණ ගොස්, ඉහත ආකාරයේ සිද්ධීන් හුදෙක් මායාවන් යැයි සලකා ඉවත ලන නූතන තාරුණ්‍ය යට, ඔවුන්ගේම පිළිගැනීම් තුළ හමුවන මොඩලයකින් මෙම කථා ප්‍රවෘත්තිය මායාවක් නොවන බවට සාක්ෂි සැපයිය හැකිදැයි බලමු.
පණු සිදුරේ න්‍යාය හෙවත් ‘ Worm Hole Theory ‘
මින් අදහස් කෙරෙන්නේ විශ්වයේ කාල අවකාෂය හරහා ගමන් කිරීමට හැකි න්‍යායාත්මක ඉගැන්වීමකි. එනම් අවකාෂයේ දුරින් පිහිටි ස්ථාන දෙකක් යා කෙරෙමින් සාදා ගන්නා කෙටි සේතුවක් (Bridge) ඔස්සේ ස්වල්ප දුරකින් හා කාලයකින් තරණය කිරීම යි. පළතුරු ගෙඩියක එක් පසෙක සිට අනෙක් පසට පිටත පෘෂ්ඨය ඔස්සේ ගමන් කිරීමට වඩා එම ගෙඩිය හරහා පණුවකු මෙන් සිදුරක් සදමින් කෙටි මාර්ගයක ගමන් නිරීම යන අර්ථය සපයමින් මෙම සංකල්පය ‘ Worm Hole Theory ’ ලෙස නම් කර ඇත.
මෙහි ඉගැන්වෙන්නේ අවකාෂය හැකිලීමකි. පහත උදාහරණය සලකා බලමු.
A හා B යනු අවකාෂයේ ලක්ෂයන් දෙකකි. ඒවා අතර කෙටිම දුර, එනම් සරල රේඛීය දුර ඒකක 10 ක් ලෙස දක්වා ඇත.
මෙම සරල රේඛීය පථය අවකාෂය ඔස්සේ ගමන් කරන්නකි.
දකුණු පස රූපයේ මෙම පථය එනම් අවකාෂය හකුලුවා A හා B අතර නව කෙටි දුරක් නිර්මාණය කර ඇත. එබැවින් මෙම කෙටි දුර ඔස්සේ ගමන් මාර්ගයක් සැකසීමෙන් අඩු දුරකින් හා කෙටි කාලයකින් A සිට B දක්වා පැමිණීමට අවස්ථාව ලැබේ.
මෙම න්‍යාය සඳහා පසුබිම සැකසෙන්නේ වර්ෂ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය සමඟිනි. එහි අයින්ස්ටයින් ඉදිරිපත් කළ ක්ෂේත්‍ර සමීකරණය පිළිබඳව කරුණු අධ්‍යයනය කළ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ ලුච්වින්ග් ෆ්ලාම් විසින්, එවකට පැවති කළු කුහර හා සුදු කුහර පිළබඳව වූ සොයාගැනීම්ද ඇසුරු කර ගනිමින් එම කුහර යනු විශ්වයේ ස්ථාන දෙකක් එකිනෙක යා කෙරෙන සේතුවක දොරටු ලෙස භාවිත විය හැකි ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. පසුව 1935 දී ඇල්බට් අයින්ස්ටයින් හා නාදන් රොසෙන් එක්ව අයින්ස්ටයින් - රොසෙන් සේතුව යන නමින් විශ්වයේ කාල අවකාෂය තරණය කලහැකි න්‍යායක් ඉදිරිපත් කළෝය. අනතුරුව ජෝන් වීලර් විසින් මෙය ‘ Worm Hole Theory ‘ ලෙස නම් කෙරිනි.
විශ්වයේ දුර ස්ථාන ඉතා ලන් කරන මෙවැනි මාර්ගයන් පීළිබඳව න්‍යායාත්මකව පෙන්වා දුන්නද ඒවා ප්‍රායෝගික ලෙස පෙන්වීමට නොහැකි වූයේ එහි වූ අස්ථාවර භාවය නිසාය. 1987 වර්ෂයේ දී සිය ආචාර්ය උපාධිය සඳහා මයිකල් මොරිස් සහ යූරි යට්ස්වර් එකතුව, සෘණ ඝනත්වයක් යටතේ වඩා ස්ථාවර පණු සිදුරක් නිර්මාණය කළද එය ඉතා කුඩා ultra small තත්වයේ එකක් විය. මේ වන විට, මහාචාර්ය ස්ටීවන් හොප්කින්ස් විසින් මෙම න්‍යාය පිළිබඳව තවත් දීර්ඝ පර්යේෂණ පවත්වමින් ඇත.
නවීන විද්‍යව නම් වූ සම්මුතික චින්තනය තුළ මේ සම්බන්ධ පර්යේෂණ තවමත් සිදු වෙමින් පවතී. එහි ප්‍රායෝගික පැතිකඩ ගෝචර කිරීමට එම විද්‍යාවට තවමත් හැකි වී නැත.
ලෝක ධාතුව පිළිබඳව වඩා ප්‍රායෝගික වූ දැනුම ලද හැක්කේ සම්මුතීන්හි එල්බ සිටීමෙන් නොව, පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ලබා ගන්නා උසස් ඤාණ දර්ශනයකින් පමණක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. එසේ උසස් ආර්ය ඤාණය ලැබීමෙන්ම විශ්වය පිළිබඳ යථාවබෝධය ලැබෙන අතර එහි පදාර්ථයන් තමාට උචිත පරිදි හැඩගස්වා ගත හැකිය. එතුලින්ම පුහුදුන් විද්‍යාවන්ට ගෝචර නොවන අද්බූත-අශ්චරිය සිද්ධීන් කෙලෙස සිදුවන්නේද යන්න පසක් කරගත හැකිය.
මෙලෙස ලෝකය පිළිබඳව යථාවබෝධය ලබන මාර්ගය අපට පහදා දෙන්නේ බුද්ධ දේශනාවෙනි. ආර්ය ගවේෂණයෙන් පමණක් වටහා ගැනෙන ඇතැම් කාරනා නවීන විද්‍යාව තුළ පෙර කී ආකාරයේ මොඩලය න් ලෙසින් පමණක්ම පවතිනු ඇත. තත්වය එසේ වුව ද වර්තමාන බහුතරය සරණ යන්නේ මේ මොඩලයන් ය. ආර්ය ගවේශනයත් නිර්වානගාමී මාර්ගයත් වල් බිහි වෙමින් යයි.
වර්තමාන විද්‍යාඥයින් පිළිතුරු නොමැති පඹ ගාලක පැටලී සිටිද්දී, මීට වසර 2500 ටත් පෙර, සෘධි බල ලාභීන් අතරින් අගතැන් ගත් මුගලන් මහ තෙරුන් සැවැත්පුර වැසියන් සංකස්සය ට ගෙන ගියේ උන්වහන්සේ ධර්මාවබෝධය තුළින්ම ලත් ප්‍රඥා මහිමයෙනි.
මෙලෙස මෙම කථා ප්‍රවෘත්තිය නවීන විද්‍යාවේ මොඩලයක් ඔස්සේ දැක්වූවේ කිසි ලෙසකින් හෝ බුදු දහම සහ නවීන විද්‍යාව සැසඳීමකට නොවන බව ද අවධාරණය කරමි (මහා සයුරකට දිය බිඳක් කෙසේනම් උපමා කරමු ද?). යාන්ත්‍රීකරණය වූ ජීවිත තුළ නවීන විද්‍යාව යන දෘෂ්ඨි මායාව පසුපස දිව යන වත්මන් ජනයා හට මෙතුලින් බුදු දහමේ ගැඹුර පිළිබඳ කිසියම් වැටහීමක් ලද හැකි යැයි සිතමි. එක් පුද්ගලයකු හෝ මෙය කියවා බුදු දහමේ ආශ්චර්ය දැක බුද්ධ රසිකයකු බවට පත්වේ නම් එතුලින්ම ඒ පුද්ගලයා ඉදිරියේ නිර්වාණගාමී මාර්ගය විවර වනවා ඇත. එබැවින් දස දහසක් දෙනා හට ඒ උතුම් මාර්ගය විවර වේවා....... ! යැයි අවසාන ව
Subscribe to:
Posts (Atom)

