පිටු

“ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස්......... අන්න ඒ වෙනසට ගරු කරන්න”

මේ දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබෙන වෙළෙඳ ප්රටචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම පණිවිඩයම ය. අනෙක් වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව කෙරෙන ප්රදචාරණ ප්රඩයත්නයක් වන අතර වැදගත් කාරණය නම් මෙම දැන්වීම් දෙකෙහිම එකම නිර්ණායකයක් පරස්පර විරෝධී පැතිකඩ දෙකක් ඔස්සේ සිය ප්රතචාරණ සංකල්පය ලෙස යොදාගැනීමයි. එතුල ගැබ්වී ඇත්තේ ලාංකිකයාගේ ආචාරධර්ම පිළිබඳ කතාවකි.

පෙර සඳහන් කළ පරිදි, පළමු දැන්වීමේ පණිවිඩය ගෙන එන තිර කතාව මෙසේය .......................
‘මිත්තණියක සහ මුණුබුරකු අතර වන සංවාදයකි. වර්තමානය තුළ අනාගත ශ්රීග ලාංකික පරම්පරාව නියොජනයක් වන මුණුපුරා වැදගත් ගැටලුවකට පිළිතුරු සොයයි. එ නම් කුඹුරේ අස්වනු නෙලන සිය වැඩිහිටියන් එහිදී අස්වැන්නෙන් කොටසක් ඉතිරි කර තබන්නේ ඇයි ද? යන ගැටලුවයි. එයට අත්තම්මා දෙන පිළිතුර සරලය. නමුත් අර්ථය ගැඹුරුය. පිළිතුර නම්, ඉතිරි කොටස සතා සීපාවන්ට යන්නය.‘

මෙම තිර කතාව හුදු වෙළෙඳ දැන්වීමක් පමණක් අරඹයා ගොඩ නගා ගත් මනංකල්පිතයක් නොවේ. සැබවින්ම ශ්රීම ලාංකික ජන සමාජය තුළ ගැබ්වී ඇති ආදර්ශමත් ගුණාංගයකි. මිත්තණිය විසින් සිය පාරම්පරික ලාංකීය ජන විඤාණයේ වූ මෙම අවිහංසා වාදී ගුණය මතු පරපුරට දායාද කරන විස්තරයකි.

විශේෂයෙන් බෞද්ධ දර්ෂණයෙන් පෝෂණය වූ ලාංකීය කෘෂිකාර්මික ජන සමාජය තුළ සතා සීපාවාට පවා මෛත්රි්ය කිරීමේ අවිහිංසාවාදී ගුණය ප්ර කට වන අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද සඳහන් කල හැකිය. අස්වැන්න නෙලීමේදී පමණක් නොව, කුඹුරේම වෙනම ලියද්දක පීදෙන අස්වැන්න කුරුල්ලන් වෙනුවෙන් වෙන් කිරීමට පවා කටයුතු කළ ජන සමාජයක් අප සතුව ඇත. පළතුරු ගස් වල පවා සතුන්ටම වෙන් වූ කොටසක් ඇති කරන ලද්දේද අපගේ උසස් ජන සමාජය විසිනි. එ නයින්, අදාල වෙළෙඳ දැන්වීමේ අන්තර්ගත පණිවිඩය, ලංකාවෙ මිනිස්සු ලෝකයේ අනිත් අයට වඩා වෙනස් බව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්වා දෙන්නා වූද, එම වෙනස නම් උසස් වූ මානව දායාව සහ සත්ත්ව කරුණාව බව උද්දීපනය කරන්නා වූද අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද අපට හඳුන්වා දිය හැකිය.

ලෝකයේ අන් රටවල, විශේෂයෙන් බටහිර රටවල ගොවියෝ අනිවාර්ය දඩයක්කරුවෝ ද වූහ. ඔවූහු සිය කුඹුරට එන සතා සීපාවා පමණක් නොව, අහසේ නිදහසේ පියාඹා යන පක්ෂීන් ද, කැලැ වැදී එහි වන සතුන් ද දඩයම් කළෝ ය. නමුත් පාරම්පරික සිංහල හෝ දමිළ ගොවියෝ එසේ නො වූහ. ගොවියා ගොවියෙක් විය. තම දරුවන්ට මෙන්ම සතා සිපාවට ද මෛත්රිෝය කළෝ ය. අවිහිංසාවාදී සංකල්පයන් ශ්රී් ලාංකික ජන විඤාණයේ පදනම් වූයේ එලෙසය.

මෙහි අවධානයට ගැනෙන දෙවන වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව ය. එය අස්වනු නෙලීමට යොදා ගන්නකි. එබැවින් එකී දැන්වීම නිර්මාණය වනුයේ එම ක්රිනයාකාරකම මත පදනම් කල්පිතයක් මතය. කෙසේද යත්, අයකු ගිරා පෝතකයකු සේ පෙනී සිටමින් කතා කරයි. ඔහු කියන්නේ අවනඩුවකි. යාය පුරා ඉගිලී ගිය ද, එකඳු හෝ වී ඇටයක් වත් සොයාගත නොහැකි වූ බව ද, ඇටයක් නෑර නෙලාගෙන ගොස් ඇති බව ද කණගාටුවෙන් පවසයි. අවසානයේ එසේ එක ඇටයක් වත් නොතබා අස්වනු නෙලීමට අදාල යන්ත්රබය ලබා ගන්න යන පණිවිඩය කියවේ.

සමස්ථ දැන්වීමම නිර්මාණාත්මක ෆැන්ටසියකි. ඉන් ලබා දෙන පණිවිඩය නම් පෙර කී අවිහිංසාවාදී ආකල්පයන්හි දෙදරා යාමකි. සැබවින්ම මෙහි එන ගිරා පෝතකයාගේ වැළපීම, ශ්රී, ලාංකික සබ්යීත්වයේ බිඳ වැටීම අරඹයා නැගෙන්නා වූ සුසුමන් තුළින් නැග එන්නක් බව සිතිය නොහැකි ද? අප විසින් අනාගතයට දායාද කල යුත්තේ උසස් මානුෂීය ගුණාංගයන් ද, නැතිනම් ෆැන්ටසි වාදී හර සුන් සංකල්පයන ද?

ෆැන්ටසිය එන්නේ බටහිරිනි. එලෙස බටහිර ලේබලයෙන් එන සියලු ආටෝපයන් අල්ලා ගැනීම තුළ අපට අන්යෝරන්ය නොවූ සංස්කෘතීන් ඔස්සේ ශ්රීය ලාංකික ජන හරයන් විනාශ කරන ආකාරය අපේ බහුතරයනක් දෙනා නොදකී. වෙළෙඳ පොළ ආර්ථිකයට යටව පවතින ලාංකික ජන සමාජය මූලිකව හසුරුවන්නේ කොළඹ කේන්ද්රඅ කරගත් සළුතරයක් විසිනි. අවාසනාව නම් මේ සුළුතරය ම ලාංකික සබ්යුත්වය අමතක කළ කළු සුද්දන් වීමයි. එලෙසින් පිට රටින් එන ඕනෑම කුණු ගොඩක් රස කර පෙන්විය හැකි අයත් එසේ පෙන්වන දෑ බදා ගැනීමට හුරු කළ ජාතියකත්, පෙර අභිමානයෙන් සඳහන් කළ ආකාරයේ උසස් ගුණාංගයන් කොපමණ කාලයකට ජීවමාන වේවිද යන්න ගැටලුවකි.

මෙවැනි අදහස් කොළඹ සිටින කළු සුද්දන්ට නම් දිරවා ගත නොහැකි වනු ඇත. මේවා ඔවුන්ට නම් ගොඩේ අදහස් ය. නැතිනම් හනමිටි අදහස් ය. අපේ සභ්ය.ත්වය ඔවුන් පිළිකෙව් කරන්නේ එ ලෙසිනි.

නමුත් උසස් මානුෂීය ගුණාංගයන් ගොඩේ ගති හෝ හනමිටි අදහස් හෝ වන්නේ කෙසේද ?

මෙම දෙවන දැන්වීමේ වුව ද එන තාක්ෂණය අප ප්ර තික්ෂේප කරයි නම් එය වැරදි අදහසකි. නමුත් ගැටළුව එකී තාක්ෂණය සමාජ ගත කිරීමට මවා පානා ෆැන්ටසිය යි. අප ප්රැතික්ෂේප කල යුත්තේ එම ෆැන්ටසි සංස්කෘතිය යි. අදාල යන්ත්රායම භාවිතා කරමින් අපගේ උසස් හුරු පුරුදු සුරැකිය හැකිය. එවැනි පණිවිඩයක් රැගත් දැන්වීමක් ප්රරචාරය වුණි නම් කෙතරම් අගනේ ද ?

නමුත් අප සිදු කරන්නේ, අපේ සාරධර්ම අමතක කොට, බටහිර්න් එන විවිධ තාක්ෂණයන් සමඟ ම ඒ ඔස්සේ සමාජයට රිංගන විෂබීජයන් ද වැළඳ ගැනීම නොවේ ද ?

තාක්ෂණය ගමු, අපේ කම සුරකිමු ! දැන් මෙම අදහස හනමිටි අදහසක් යැයි කිව නො හැකිය.
ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස් වන ආකාරයේ උසස් මානුෂීය සාරධර්මයන් ගෙන් පොහොසත් බවත්, එම ගුණාංගයන් හඳුනාගෙන මතු අනාගතයේදී ද රැකගත යුතු බවත්, අප විසින් වර්තමාන සමාජයට දිය යුතු පණිවිඩය යි. එවා සුරැකීම සැමගේ වගකීම යි. අනාගතයට සැබෑ ගෞරවනීය ශ්රී ලංකාවක් දායාද වන්නේ එවිට ය.

අදහස සහ සම්පාදනය - සචිත අමන්දු අබේසේකර
2011 ඔක්තෝබර් මස 24 වැනිදා (මුල් පිටපතේ දාතම - 2011.08.12)

No comments:

Post a Comment